Friday, September 27, 2013

ගැමි සිරිය





හදිස්සියේ මිතුරෙකුගේ මුහුණු පොතේ

තිබුනා වැටී සීපදයක මිහිර පිරී

කොහොමද උන්නෙ මේ නගරයෙ මෙහෙම හරී

සිතුනා එක විටම හදවත කඩා වැටී

යන්නට සිතයි දුවලා එහි කොහොම හරී

ඉන්නට ගමේ ඉපනැල් වල සිසිල වැදී

 
 

මොනවා කරම්දෝ අපි මෙහි ඇවිත් වැටී

ඇයිදෝ නොයන්නේ නගරය අතැර එහී

සිතුවත් ආයෙමත් නැවතත් මෙහිම ඉඳී

පුදුමත් හිතේ අප ගැන අප හටම අනේ

No comments:

Post a Comment