Thursday, December 12, 2019

රෙසිපි පොත

රෙසිපි පොත


ගාලික් බ්‍රෙඩ්

ගාලික් රෝස් පාන්


අවශ්‍ය ද්‍රව්‍ය : 

                        රෝස් පාන් 1-  1 1/2
                         බටර් (අවශ්‍ය ප්‍රමාණයට)
                         චොප් කල සුදු ළුනු බික් 2ක් පමණ

සාදන ආකාරය :

 රෝස් පාන් ගෙන දෙකට මැදින් කපා ගන්න. 
 එය නැවත දෙකට පලා ගන්න.
 තැටියක් ගෙන, එය රත් වූ පසු, ගින්දර අඩුකර බටර් අවශ්‍ය ප්‍රමාණයට දමා දිය වන්නට හරින්න.
පලා ගත් පාන් කෑල්ල, කර නොවූ පැත්ත බටර් මතට දමා තප්පර කිහිපයකට පසු අනෙක් පස හරවා ගන්න.
දැන් චොප් කරගත් සුදු ළුනු අවශ්‍ය ප්‍රමාණය අනුව පාන් පෙත්ත මත අතුරා, ඊට උඩින් නැවත බටර් ස්වල්පයක් දමා තප්පර කිහිපයකට පසු තැටියෙන් ඉවතට ගන්න.


Friday, September 27, 2013

ගැමි සිරිය





හදිස්සියේ මිතුරෙකුගේ මුහුණු පොතේ

තිබුනා වැටී සීපදයක මිහිර පිරී

කොහොමද උන්නෙ මේ නගරයෙ මෙහෙම හරී

සිතුනා එක විටම හදවත කඩා වැටී

යන්නට සිතයි දුවලා එහි කොහොම හරී

ඉන්නට ගමේ ඉපනැල් වල සිසිල වැදී

 
 

මොනවා කරම්දෝ අපි මෙහි ඇවිත් වැටී

ඇයිදෝ නොයන්නේ නගරය අතැර එහී

සිතුවත් ආයෙමත් නැවතත් මෙහිම ඉඳී

පුදුමත් හිතේ අප ගැන අප හටම අනේ

Wednesday, September 4, 2013

සෝයා කට්ලට්



ඔන්න ඉතින් මේක නම් මම උයන්න පටන් ගත්ත කාලේම වගේ වුනු වැඩක්. අපේ තාත්තාගේ යාළුවෙක් අතිජාත මිත්‍රයෙක් ඉන්නවා මාරම fun uncle කෙනෙක්. ඉතින් එයා දවසක් අපේ ගෙදර එන වෙලාවක, මම ඉතින් ගෙදර දෙකක් වෙන්න පෙරලාගෙන කෑමක් හදන්න ලෑස්ති වෙනවා. 

එදා මම කැම වර්ග කීපයක්ම හැදුවා, ඒත් ඉතින් ඒවායෙන් විශේෂයෙන්ම කියන්න වටින කෑම තමයි සෝයා කට්ලට්. කොහොම හරි ඉතින් මම හෙන සිරාවට බොහොම අගේට හැදුවා සොයා කට්ලට් ටික. ඔය වෙලාවෙ තමයි මම අර කියපු uncle ආවේ. මගේ මතකය හරි නම් එදා ඒ uncle ගේ උපන් දිනේ. ඒ නිසා ඉතින් එයා ආපු එක මොනතරම්හොඳද කියලා, හා හා පුරා කියලා එයාට ඇති වෙන්න බඩ කට පිරෙන්න කන්නත් දීලා පිටත් කලා.

දැන් ඉතින් full happy. මොකද uncle කාලා විතරක් නෙමේ ගියේ, කෑමත් වර්ණ්නාත් කරලානෙ. දැන් ඉතින් අපිත් කන්නයි යන්නේ. දැන් අපේ මලයට හොඳටම ෂුවර් කෑම වල කේස් එකක් නෑ කියලා. Uncle කලින් testing කලානේ. මල්ලි එක කටක් කාලා මූනත් ටිකක් නරක් කරන් ආයෙත් කන්න පටන් ගත්තා. එතකොට තමා මිනිහට මීටර් උනේ වැඩේ. "අක්කේ කෝ මේවාගෙ ලුනු. . . " මිනිහා කෑ ගහනවා. මාත් ෂේප් එකේ පොඩ්ඩක් කාලා බැලුවා පොඩ්ඩක් වත් කන්න බෑ. ලුනු බින්දුවක් වත් නෑ. දාන්න අමතක වෙලා.

ඉතින් වෙච්ච අකරතැබ්බයේ තරමක් කියලා හිතලා ලැජ්ජාව පැත්තකින් තියලා ගත්තා uncle ට call එකක්. එතකොට uncle කියනවා එයාට මුලින් ම දැනුනාලු වැඩේ, ඒත් ඉතින් පවුනේ කියලා හිතලා සද්ද නැතිවම කාලා ආවාලු එයා. 

වැඩේ කියන්නේ හිත හදාගෙන ගුණ වර්ණනාවකුත් දුන්න එකයි.  smile emoticonsmile emoticonsmile emoticon