Thursday, December 12, 2019

රෙසිපි පොත

රෙසිපි පොත


ගාලික් බ්‍රෙඩ්

ගාලික් රෝස් පාන්


අවශ්‍ය ද්‍රව්‍ය : 

                        රෝස් පාන් 1-  1 1/2
                         බටර් (අවශ්‍ය ප්‍රමාණයට)
                         චොප් කල සුදු ළුනු බික් 2ක් පමණ

සාදන ආකාරය :

 රෝස් පාන් ගෙන දෙකට මැදින් කපා ගන්න. 
 එය නැවත දෙකට පලා ගන්න.
 තැටියක් ගෙන, එය රත් වූ පසු, ගින්දර අඩුකර බටර් අවශ්‍ය ප්‍රමාණයට දමා දිය වන්නට හරින්න.
පලා ගත් පාන් කෑල්ල, කර නොවූ පැත්ත බටර් මතට දමා තප්පර කිහිපයකට පසු අනෙක් පස හරවා ගන්න.
දැන් චොප් කරගත් සුදු ළුනු අවශ්‍ය ප්‍රමාණය අනුව පාන් පෙත්ත මත අතුරා, ඊට උඩින් නැවත බටර් ස්වල්පයක් දමා තප්පර කිහිපයකට පසු තැටියෙන් ඉවතට ගන්න.