My view of fashion, food recipes, my travel experiences and all other stuffs I feel like writing.
Friday, September 27, 2013
Wednesday, September 4, 2013
සෝයා කට්ලට්
ඔන්න
ඉතින් මේක නම් මම උයන්න පටන් ගත්ත කාලේම වගේ වුනු වැඩක්. අපේ තාත්තාගේ යාළුවෙක් අතිජාත මිත්‍රයෙක් ඉන්නවා මාරම fun uncle කෙනෙක්. ඉතින් එයා
දවසක් අපේ ගෙදර එන වෙලාවක, මම ඉතින් ගෙදර දෙකක් වෙන්න පෙරලාගෙන කෑමක් හදන්න ලෑස්ති
වෙනවා.
එදා මම
කැම වර්ග කීපයක්ම හැදුවා, ඒත් ඉතින් ඒවායෙන් විශේෂයෙන්ම කියන්න වටින කෑම තමයි සෝයා
කට්ලට්. කොහොම හරි ඉතින් මම හෙන සිරාවට බොහොම අගේට හැදුවා සොයා කට්ලට් ටික. ඔය වෙලාවෙ
තමයි මම අර කියපු uncle ආවේ. මගේ මතකය හරි නම් එදා ඒ uncle ගේ උපන් දිනේ. ඒ නිසා ඉතින්
එයා ආපු එක මොනතරම්හොඳද කියලා, හා හා පුරා කියලා එයාට ඇති වෙන්න බඩ කට පිරෙන්න කන්නත්
දීලා පිටත් කලා.
දැන්
ඉතින් full happy. මොකද
uncle කාලා විතරක් නෙමේ ගියේ, කෑමත් වර්ණ්නාත් කරලානෙ. දැන් ඉතින් අපිත් කන්නයි යන්නේ.
දැන් අපේ මලයට හොඳටම ෂුවර් කෑම වල කේස් එකක් නෑ කියලා. Uncle කලින් testing කලානේ.
මල්ලි එක කටක් කාලා මූනත් ටිකක් නරක් කරන් ආයෙත් කන්න පටන් ගත්තා. එතකොට තමා මිනිහට
මීටර් උනේ වැඩේ. "අක්කේ කෝ මේවාගෙ ලුනු. . . " මිනිහා කෑ ගහනවා. මාත් ෂේප්
එකේ පොඩ්ඩක් කාලා බැලුවා පොඩ්ඩක් වත් කන්න බෑ. ලුනු බින්දුවක් වත් නෑ. දාන්න අමතක වෙලා.
ඉතින්
වෙච්ච අකරතැබ්බයේ තරමක් කියලා හිතලා ලැජ්ජාව පැත්තකින් තියලා ගත්තා uncle ට call එකක්. එතකොට
uncle කියනවා එයාට මුලින් ම දැනුනාලු වැඩේ, ඒත් ඉතින් පවුනේ කියලා හිතලා සද්ද නැතිවම
කාලා ආවාලු එයා.
Subscribe to:
Posts (Atom)